― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsපවුම් 20ක රන් භාණ්ඩ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

පවුම් 20ක රන් භාණ්ඩ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

මන්නාරමේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ තිබූ පවුම් 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

මන්නාරම සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ මෙම බස් රථයේ මුරුංගන් ප්‍රදේශයේ ගුරුවරියක්ද ගමන් කර ඇති අතර එම බස් රථය වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ධාවනය වෙමින් තිබියදී ඇය බස් රථයෙන් බැස ඇත.

මේ අතරතුර ගුරුවරිය තම අත්බෑගය විවෘත කර බැලීමේදී ඇයගේ අත් පළඳනාව, මුද්ද ඇතුළු පවුම් 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී ඇති බව නිරීක්ෂණය වී තිබේ.

වහා බසය නවතා සෝදිසි කළද ස්වර්ණාභරණ සොයා ගැනීමට නොහැකි වූ බැවින් ගුරුවරිය වවුනියාව පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

පැමිණිල්ලෙන් පසු සිදු කළ විමර්ශනයේදී කුලී නිවසක රැඳී සිටි පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පවුම් 20ක් වටිනා ස්වර්ණාභරණ, ත්‍රිරෝද රථයක් සහ වාහනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලින් අනතුරුව පුද්ගලයන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.