27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටු මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ ආරක්ෂකයාගේ ගිනිඅවිය පත්තු වෙයි

පොහොට්ටු මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ ආරක්ෂකයාගේ ගිනිඅවිය පත්තු වෙයි

මත්පැන් සාදයක් අතර තුර ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති බව ගොකරැල්ල පොලීසිය පවසනවා.

ඊයේ (25) රාත්‍රියේ ගොකරැල්ල – මැල්සිරිපුර ප්‍රදේශයේ අවන්හලකදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ.සුමිත් උඩුකුඹුරගේ ආරක්ෂාව සඳහා අනියුක්ත කර සිටි පොලිස් සැරයන්වරයෙකු තවත් පුද්ගලයෙකු සමඟ මැල්සිරිපුර ප්‍රදේශයේ අවන්හලක දී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයා භාරයේ තිබූ රාජකාරි පිස්තෝලය මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වුණේ. එහිදී උණ්ඩ 02ක් නිකුත් වී ඇති අතර ඉන් ඒ අසළ සිටි කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

පොලිස් සැරයන්වරයාගේ අත්වැරදීමක් හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වන්නට ඇති බවට විශ්වාස කරන බවයි පොලීසිය සදහන් කරන්නේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා එම ස්ථානයේ සිට නැහැ.