27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ 54ක්

බංග්ලාදේශයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ 54ක්

බංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් මෙරටට ලැබීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා බංග්ලාදේශ අගමැතිනියගෙන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුවයි මෙම ප්‍රදානය ලැබීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව බංගලිදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු ඩොලර් 58,307 ක් වටිනා අදාළ ඖෂධ තොගය ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙනු ඇති.

එම ඖෂධ අතර පිළිකා සහ වකුගඩු රෝගවලට ලබා දෙන අත්‍යවශ්‍යම ඖෂධ රැසක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

මීට අමතරව පවතින ඖෂධ හිඟයට යම් විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව හා බංගලාදේශ රජය අතර රාජ්‍ය මට්ටමේ ඖෂධ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.