26 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාරවිලදී කතක් පැහැරගත් දෙදෙනාට ඇප

මාරවිලදී කතක් පැහැරගත් දෙදෙනාට ඇප

කටුනේරිය ප්‍රදේශයේ කාන්තාවක් පැහැර ගෙන ගොස් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි සැකකරුවන් දෙදෙනෙකු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

කටුනේරිය – ලංසිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 24 වනදා කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබුණා. ඒ බව අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබු අතර පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ මාරවිල පොලීසියේ නිලධාරීන් කොච්චිකඩේ – දළුවාකොටුව ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිටි එම කාන්තාව මුදාගත් බවයි වාර්තා වුණේ.

එහිදී කාන්තාව පැහැරගෙන යාමට සම්බන්ධ බව කියන සැකකාරියන් දෙදෙනෙකුද පොලීසිය විසින් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා ඊයේ (25) මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 10 බැඟින් පැහැර ගැනීමට ලක් වූ කාන්තාව ලබාගෙන ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව මෙලෙස පැහැරගැනීමට හේතුව මෙය බවයි පොලිසිය සැකපළ කරන්නේ. මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.