25 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැලේසියාවේදී තිදෙනෙක් මැරූ ලාංකිකයන් දෙදෙනා පොලිසියට භාරවෙයි

මැලේසියාවේදී තිදෙනෙක් මැරූ ලාංකිකයන් දෙදෙනා පොලිසියට භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇති බවයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ තිබී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ සිරුරු ක්වාලාලාම්පූර් පොලීසිය විසින් පසුගියදා සොයාගනු ලැබූ අතර
මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයත් යුවළගේ පුත්‍රයා වන අතර අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් අවුරුදු 20ත් 40ත් අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.