26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිලියනයේ සංචාරකයාත් ශ්‍රී ලංකාවට

මිලියනයේ සංචාරකයාත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් ලෙස අද (26) සටහන් වුණා.

සංචාරකයන් සංඛ්‍යාව මිලියනය සටනිටුහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් අද (26) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ
පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙරටට පැමිණි මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් නමැති පුද්ගලයක් වන අතර, ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා ද පැමිණ සිටියා.

ඔවුන් රුසියාවේ සිට ඕමානය වෙත පැමිණ, ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි – 373 දරණ ගුවන් යානයෙන් අද (26) පස්වරු
02.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලංකාවට මෙලෙස සංචාරකයන් පැමිණීම මිලියනය සීමාව ඉක්මවා ගියේ 2019 වසරෙන් පසුවයි.