25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් - වජිර

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

එම මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණත් නැතත් ඉදිරියේදීදී මුදල් සම්මත කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාට එම මැතිවරණ පැවැත්විය හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

අයවැය සුරංගනා කතා පොත් එකට බැඳ පැත්තකින් තබා සුරංගනා කතාවක් නොවන අයවැය පොතක් රචනා කිරීමට ඇති බව මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.