28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියනයක් ඇවිත්

මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියනයක් ඇවිත්

2023 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යාමට නියමිතය.

අද (26) දහවල් 12.45ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 504 දරණ ගුවන් යානයෙන්ද මෙරටට සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිතය.

එම සංඛ්‍යාවත් සමඟ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යන බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ පර්යන්තයේ විශේෂ උත්සවයක්ද සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.