24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය අමාත්‍යංශය අවට ආරක්ෂාව තර කෙරේ

සෞඛ්‍ය අමාත්‍යංශය අවට ආරක්ෂාව තර කෙරේ

ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (26) දහවල් විරෝධතාවක් ආරම්භ කළා.

හෙද සේවයේ බඳවාගැනීමේ සුදුසුකම් පහත නොහෙලීම සහ ඩිප්ලෝමා සහ උපාධි සම්පූර්ණ කළ සියලු දෙනා සේවයට බඳවාගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් සම්බන්ධයෙන් මෙම විරෝධතාව පවත්වනවා.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය අසළ ආරක්ෂාවද තර කර තිබෙනාඅ.