25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsCIDයේ වැසිකිලියකින් වේදනානාශක පෙති තොගයක් හමුවෙයි

CIDයේ වැසිකිලියකින් වේදනානාශක පෙති තොගයක් හමුවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබේ.

අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එම ඖෂධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කුඩු සලිඳු සහ හරක්කටා යන සැකකරුවන් රඳවා සිටි කුටි ආශ්‍රිත වැසිකිළිවලින් හමුවීම විශේෂත්වයකි.

සොයාගත් ඖෂධ වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගිය කොස්තාපල්වරයා රැඳී සිටි බැරැක්කයේද තිබී එම ඖෂධ හා සමාන වේදනානාශක පෙති තොගයක් හමුවී තිබේ.