27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅයියා බැන්නැයි මල්ලි දිවි හැරයයි

අයියා බැන්නැයි මල්ලි දිවි හැරයයි

බටපොල, දෙල්ගහබැද්ද ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ඊයේ (26) රාත්‍රියේ නිවස තුළ දී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ බටපොල කළ්‍යාණතිස්ස විදුහලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි සිසුවෙක්.

මෙම සිසුවාගේ මව විදේශ ගතව සිටින අතර, ඔහු පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ. සහෝදරයා විසින් බැණවැදීම හේතුවෙන් සිත් තැවුලට පත්ව ලිපියක් ද ලියා තබා සිසුවා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිය බාල සහෝදරයා නිවසේ නොමැතිවීම නිසා වැඩිමල් සහෝදරයා විසින් සිදුකළ සොයා බැලීමේ දී ඔහු කාමරයක බාල්කයක ගෙළ වැළලාගෙන සිටිනු දැක තිබෙනවා.

එම අවස්ථාවේ දී වහාම ඔහුව බිමට ගෙන බටපොල රෝහල වෙත ගෙනගොස් ඇති අතර රෝහල් ගතකරන විටත් සිසුවා මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.