― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමේ තීරණයක්

ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමේ තීරණයක්

ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

දැනට ඖෂධ 277ක හිඟයක් පවතින බවත් ලංසු ඉල්ලීමේ අනවශ්‍ය ප්‍රමාදය අවම කිරීම සඳහා මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.