― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකොරියානු භාෂා විශේෂ පරීක්ෂණයේ අයදුම්පත් නිකුත් කිරීම ලබන 04 වනදා සිට

කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයේ අයදුම්පත් නිකුත් කිරීම ලබන 04 වනදා සිට

2023 වර්ෂයට අදාළව පැවැත්වෙන කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් ලබන ඔක්තෝම්බර් මස 04 වනදා සිට 06 වනදා දක්වා නිකුත්කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ, අනුව අදාළ අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කරන බවයි එම කාර්යාංශය දැනුම් දෙන්නේ.

මෙම පරීක්ෂණය සඳහා සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන රැකියා ක්ෂේත්‍රවලට අදාළව ලබන නොවැම්බර් මාසයේ දී මෙම කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

දකුණු කොරියාවේ මාස 10 සිට වසර 04ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු යළි දකුණු කොරියාවේ සේවය සඳහා යෑමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා