29.5 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 12ක් වටිනා රන් බිස්කට් ගුවන්තොටේදී අල්ලයි

කෝටි 12ක් වටිනා රන් බිස්කට් ගුවන්තොටේදී අල්ලයි

රුපියල් දොළොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මොවුන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මොවුන් ඩුබායි සිට ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් සිය සිරුරුවල සහ ඔවුන් රැගෙන ආ අත් බෑගයන් තුළ මෙම කිලෝග්‍රෑම් 06ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සඟවාගෙන පැමිණ ඇති බවයි වාර්තා වුණේ.