24 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරුණයෙක් තෙල්දෙණිය රෝහලේ පස්වන මහලින් පැන සිය දිවි නසා ගනී

තරුණයෙක් තෙල්දෙණිය රෝහලේ පස්වන මහලින් පැන සිය දිවි නසා ගනී

මාපියන් විසින් ජංගම දුරකතනය ලබා ගත්තේ යැයි උරණ වී පිහියකින් ශරීරය කපා ගෙන ප්‍රචණ්ඩ ලෙස හැසිරීමෙන් පසු විශාදය තත්ත්වයට පත්ව රෝහල් ගතකළ තරුණයෙක් රෝහලේ පස්වන මහලින් පැන සිය දිවි නසාගෙන ඇති බවට වාර්තා වනවා.

මෙම තරුණයා දිනකට පැය 18ක් පමණ ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇති අතර එසේ නොකරන ලෙස දෙමාපියන් අවවාද කිරීම නිසා උරණ වූ මෙම තරුණයා පිහියකින් ශරීරය කපාගෙන තිබෙනවා.

පන්විල කන්දේකුඹුර ප්‍රදේශයේ පදිංචි හර්ෂණ ලක්ෂාන් දිල්රුක්ෂ නැමැති මෙම තරුණයා රෝහලේ පස්වන මහලින් බිමට පනින්ට පෙරලිපියක් ද ලියා තිබෙන බව පොලීසිය පවසයි.

පවුලේ කිසිවෙකු හෝ සමඟ සම්බන්ධතා නොපවත්වමින් මෙම තරුණයා හුදකලාව ජංගම දුරකතන ක්‍රීඩාවල නිරත වීමට ඇබ්බැහි වී ඇතැයි හෙළිව තිබේ.