― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිලධාරිනියක් දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ගිය නිසා රසායනාගාරයක් වැසෙයි

නිලධාරිනියක් දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ගිය නිසා රසායනාගාරයක් වැසෙයි

වැලිගම වලාන දිසා රෝහලේ පවත්වාගෙන ගිය රසායනාගාරය මසකට ආසන්න කාලයක සිට වසා දමා ඇති බවට ජනතාව මැසිවිලි නගති.

වැලිගම ප්‍රධාන රෝහලක් ලෙස සැලකෙන වලාන දිසා රෝහල මගින් බාහිර රෝගී අංශය සහ නේවාසික රෝගී අංශය හා විවිධ සායන ඇතුළු සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

තවද පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන හදිසි ප්‍රතිකාර ඒකකයක් ද මෙම රෝහලේ ස්ථාපනය කොට තිබේ.

කෙසේ වෙතත් රෝහල ආරම්භක කාලයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වූ රසායනාගාර පහසුකම මගින් විවිධ සායන හා බාහිර රෝග සහ නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර සදහා අවශ්‍ය වන රුධිර සීනි,වකුහඩු ,අක්මා සම්බන්දධ පරීක්ෂණ හා මුත්‍රා පරීක්ෂණ ඇතුළු තවත් පරීක්ෂණ ගණනාවක් සිදුකරනු ලබයි .

කෙසේ වෙතත් මසකට ආසන්න කාලයක් සිට මෙම රසායනාගාරය වසා දමා ඇති බවත් එම නිසා රෝහලට පැමිණෙන රෝගීන්ට එම පරීක්ෂණ පෞද්ගලික අංශය මගින් මුදල් ගෙවා සිදුකරගැනීමට හේ එසේ නොමැති නම් ගාල්ල , මාතර ආදී ප්‍රදේශ වල රෝහලක් වෙත යාමට සිදුව ඇති බව ජනතාව පවසති .

මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩබ්.එම්.කේ. මැදිවක මහත්මිය ගෙන් කළ විමසීමක ඇය පවසා සිටියේ අදාල නිලධාරිනිය දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබාගෙන සිටින බවත් ඒ සදහා වෙනත් අයකු යෙදීම සඳහා අතිරේක නිලධාරීන් නොමැති බවත්ය.