― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසනත් නිශාන්තට එරෙහි නඩුවකට දින දෙයි

සනත් නිශාන්තට එරෙහි නඩුවකට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කළා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී වගඋත්තරකාර සනත් නිශාන්ත ද අධිකරණයේ පෙනී සිටියා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිලිවලට අදාළව සාක්ෂි ආඥාපනත යටතේ ලබාදුන් නොතිසියට අනුව විත්ති පාර්ශවයට සාක්ෂි පරීක්ෂා කිරීම සඳහාවන ප්‍රවේශය ලබා දී තිබෙන බවත් ඊට අදාළ වාර්තා ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා.

ඒ අනුව මෙම පැමිණිලි විභාගය සඳහා දින නියම කර ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව අදාළ පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

ඉකුත් වසරේ අගෝස්තු මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට සනත් නිශාන්තට එරෙහිව මෙම පැමිණිලි තුන ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කළා.