27.2 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF ණය මුදලේ දෙවැනි වාරිකය පමාවෙන ලකුණු ?

IMF ණය මුදලේ දෙවැනි වාරිකය පමාවෙන ලකුණු ?

විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනයේ දී ආර්ථික කාර්යසාධනය සහ ප්‍රතිපත්ති පිළිබදව ශ්‍රි ලංකා බලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡාවල නිරත වූ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පවසනවා.

එම නියෝජිත පිරිස මෙම අදහස් පළ කළේ අද (27) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වූව ද ඇතැම් අංශවල වෙනස්කම් සිදුවිය යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.විශේෂයෙන් බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටළු සම්බන්ධයෙන් අයි.එම්.එෆ් නියෝජිත පිරිස විවිධ කාරණා පෙන්වා දී තිබුණා.

මේ අතර සිදුකළ පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට කාලය අවශ්‍ය බව සඳහන් කළ එම නියෝජිත පිරිස,

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වනු ඇති බවට අනුමාන කරන බවත් සඳහන් කළා