29 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීමට නව ක්‍රමයක්

වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීමට නව ක්‍රමයක්

වාහන ආදායම් බදු බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමය ඔක්තෝම්බර් මස 3 වනදා සිට පළාත් 8 ක ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව වයඹ, දකුණ, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල මෙම නව ක්‍රමය පළමුව ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

බස්නාහිර පළාතේ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බදු බලපත්‍ර ක්‍රමය (eRL 1.0) අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලවලින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බදු බලපත්‍ර නිකුත් කිරීම ඊයේ සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

එමෙන්ම, වාහන ආදායම් බදු බලපත්‍රය අන්තර්ජාලය හරහා නිකුත් කිරීමේ පහසුකම ද ඔක්තෝම්බර් මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වල සහාය ඇතිව දැනට පවතින වාහන ආදායම් බදු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය නවීකරණය කිරීමට කටයුතු කර ඇත.