26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවාරයේ සිරිපා කරුණාවට මාර්ග 02ක් විවෘත කෙරේ

අවාරයේ සිරිපා කරුණාවට මාර්ග 02ක් විවෘත කෙරේ

අවාරයේ ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා රත්නපුර ශ්‍රී පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් ස්ථාපිත කර ඇති අතර නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර ඇති බවයි.

අදාළ බලපත්‍ර කවුළු දිනපතා සවස 06 සිට පසුදින උදෑසන 10 තෙක් විවෘත කර ඇති අතර රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන්ගේ චර්යාවන් පිළිබද වනජීවි නිලධාරීන් නිරන්තර සෝදිසියෙන් සිටින බවයි ඔවුන් පවසන්නේ.

අවාරයේදී කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තැබෙන බැවින් එම මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීම තහනම් බවයි වනජීවි දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.