26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරියානු භාෂා විශේෂ පරීක්ෂණයට අයදුම්පත් කැඳවයි

කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයට අයදුම්පත් කැඳවයි

2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2023.10.04 දින සිට 2023.10.06 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

කොරියානු මානව සම්පත් අංශය විසින් පවත්වන මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූවන්ගේ නාමලේඛනය කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හි පළකර ඇති අතර මෙම වසරේ නොවැම්බර් මාසයේදී පරිගණක ආශ්‍රිතව මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍රවලට අදාලව මෙම විශේෂ කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වෙන අතර දකුණු කොරියාවේ වසර 4 මාස 10 ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු මෙරටට පැමිණ යළි දකුණු කොරියාවේ සේවය සඳහා යාමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට මෙම විභාගයට අයදුම් කළ හැකිය.