― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම 01 වැනිදා සිට

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම 01 වැනිදා සිට

ගිනිඅවි බලපත්‍ර හිමියන්ට එම බලපත්‍ර අලුත් කිරීමට සඳහා 2023 ඔක්තෝබර් මස 01 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙනවා.

2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමක් සිදුනොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ.

එමෙන්ම වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට සඳහා වන තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ www.defence.lk වෙබ් අඩවිය ඔස්සේ භාගත කර ගැනීමේ හැකියව පවතිනවා.

මේ අතර 2024/2025 වර්ෂයන් සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම ලබන ඔක්තෝම්බර් පළමුවනදා සිට දෙසැම්බර් 31 දක්වා සිදුකෙරෙන බව ද දැනුම් දෙනවා.

එම කාලයෙන් පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර බව සඳහන්.