― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙදිනකින් වී ගබඩා වසා දමන්නැයි ඇමතිගෙන් උපදෙස්

දෙදිනකින් වී ගබඩා වසා දමන්නැයි ඇමතිගෙන් උපදෙස්

2023 යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කරන ලද වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30 වනදායින් පසු වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිලදී ගැනීම සදහා ගබඩා 39ක් විවෘතව තැබුවා. ඒවායේහිදී නාඩු වී කිලෝවක් රුපියල් 95ක්, සම්බා වී රුපියල් 100ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 105 බැගින් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගත්තා.

වී අලෙවි මණ්ඩලය රුපියල් 95කට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීම හේතුවෙන් පුද්ගලික අංශය විසින් රුපියල් 110ක් දක්වා වී මිල ඉහළ නංවනු ලැබූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් අදාළ මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට ගොවීන් කටයුතු නොකර වැඩි මිලට පුද්ගලික අංශයට වී අලෙවි කිරීමට පියවර ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙනවා.

කෙසේ වෙතත් මෙවර යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය වී කිලෝග්‍රෑම් ලක්ෂ 25ක් මිල දී ගැනීමට කටයුතු කර තිබෙනවා. සියයට 08ක පොළියට ගොවිජන භාරකාර අරමුදලෙන් ලබාගත් රුපියල් මිලියන 500ක් වැය කරමින් වී මිල දී ගත්ත ද, ඉන් වැය කිරීමට හැකිව තිබෙන්නේ රුපියල් මිලියන 300ක් වැනි ප්‍රමාණයක් බවයි වාර්තා වුණේ.

රජය මඟින් හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් 02කට රුපියල් 40,000ක් බැගින් සහනාධාර හා යල කන්නයේ මඩ පොහොර නොමිලයේ පවා ලබාදුන්න ද ගොවිජනතාව රජයට අයත් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට පියවර නොගැනීම ඊට හේතු වී තිබෙනවා.

මේ වනවිට යල කන්නය අවසන් වෙමින් පැවතීම හේතුවෙන් තවදුරටත් ගබඩා විවෘතව තැබිමෙන් පලක් නොමැතිවීමත්, මෙහෙයුම් ගාස්තු ඉහළ යාමත්, ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීමත් නිසා එම ගබඩා මෙම මස 30 වනදායින් පසුව වසා දැමීමට වී අලෙවි මණ්ඩලය ඒ අනුව තීරණය කර ඇති බව සඳහන්.