31.1 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය තුනේ සිට පැය 24ක කාලය තුළ කොටපොල, පිටබැද්දර, පස්ගොඩ අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය, තිහගොඩ, මාතර සහ දෙව්නුවරයන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මාධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම මීට හේතු වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

මෙම තත්ත්වයත් සමඟ දැඩි සැළකිල්ලෙන් පසුවන ලෙසට ඉහත සඳහන් ප්‍රදේශවල පදිංචි මහජනතාවට දැනුම් දෙනවා.

මේ අතර ගිං ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂාව නිසා අද (28) උදෑසන වන විට ගාල්ල -බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අයුරු දැකගත හැකි වුණා.