28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අදයි

මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අදයි

ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් ‘මිලාද් උන් නබි උත්සවය’ අදට (28) යෙදී තිබෙනවා.

ඒ අනුව නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේ මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබනවා.

ක්‍රිස්තු පූර්ව 570 දී සෞදි අරාබියේ මක්කා නුවරදී සිදු වූ මහම්මද් තුමාගේ උත්පත්තිය ඉස්ලාම් දහමේ ආරම්භය ලෙස සැලකෙන අතර, ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස ද හැඳින්වෙනවා.

මේ අතර නබි තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අද (28) දිනයේදී කොළඹ නෙළුම් කුලුන කොළ සහ සුදු වර්ණයෙන් ආලෝක ගන්වන බව දැනුම් දී තිබුණා.