31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයාපනයේ දැරියගේ ක+පා දැමූ අත කොළඹ විශ්වවිද්‍යාලයට

යාපනයේ දැරියගේ ක+පා දැමූ අත කොළඹ විශ්වවිද්‍යාලයට

ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 8 හැවිරිදි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවක් ඊයේ (27) විභාගයට ගැනුණා.

මේ අතර දැරියගේ කපා දැමූ අත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට යැවීමට අධිකරණය නියෝග කර තිබේ.

උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දැරියකගේ වම් මැණික්කටුවෙන් පහළින් කපා ඉවත් කර තිබේ.

නේවාසිකාගාර කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල සහ වරදින් දැරියගේ අත ඉවත් කර ඇති බවට දැරියගේ දෙමාපියන් චෝදනා කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් යාපනය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.

ඊට අදාළ නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ විභාගයට ගැනුණා.

පොලිසිය ඉල්ලා සිටි පරිදි දැරියගේ කපා දැමූ අත කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කරන ලෙස අධිකරණය නියෝග කළේය.

යාපනය දිසා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඒ.ඒ.ආනන්දරාජා නියෝග කළේ නම් කර ඇති පොලිස් නිලධාරියා හරහා මෙම ක්‍රියාව සිදු කළ යුතු බවයි.

නඩුව ලබන 11 වැනිදාට කල් තැබිණි.