28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැකියාවල නියුතු කාන්තාවන්ට පිළිකා වැළඳීමේ අවදානමක්

රැකියාවල නියුතු කාන්තාවන්ට පිළිකා වැළඳීමේ අවදානමක්

රැකියාවල නියුතු කාන්තාවන් පිළිකා රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවට අනාවරණය වී තිබේ.

පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මේ බව පැවසුවාය.

ඇය එහිදී පෙන්වා දුන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සඳහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

එමෙන්ම වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බවයි ඇය එහිදී අවධාරණය කළේ.