22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF දෙවන වාරිකය පමාවෙයි

IMF දෙවන වාරිකය පමාවෙයි

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවට එළැඹීමට තවත් කෙටි කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ (27) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කළ ද සම්පූර්ණ ආර්ථික ප්‍රකෘත්තියක් මෙතෙක් සහතික වී නොමැති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකග වී ඇති ඩොලර් බිලයන 2 යි දශම 09 ක ණය මුදලේ දෙවැනි කොටස ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් හෝ නිශ්චිත කාල රාමුවක් නොමැති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

පවතින දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමිවන බව ඔහු නැවතත් අවධාරණය කර තිබේ.