31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා.

අදාළ සුපිරි වෙළඳසැලේ සේවකයින් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකරන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගතව තිබුණා. එම කාන්තාව වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් බව පවසමින් මෙම පහරදීම සිදුකර තිබූ බවයි පසුව අනාවරණය වුණේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බොරැල්ල පොලිසිය විසින් සිදුකරනු ලැබුවා. මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාව අද (29) ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ බොරැල්ල පොලීසියේ ඇතැම් නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවයි.

එහිදී පොලිස් නිලධාරී විසින් අදාළ සුපිරි වෙළඳසැලට විරුද්ධව කිසිඳු ප්‍රකාශයක් සිදුනොකරන ලෙසට තමන්ට බලපෑම් කළ බවයි ඇය පවසා සිටියේ.

එමෙන්ම හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් හඳුනාගත්ත ද, හඳුනානොගත් ආකාරයෙන් හැසිරෙන ලෙසට ද තමන්ට බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් පැවසූ බව එම කාන්තාව සඳහන් කර සිටියා.

ඒ සඳහා විශාල මුදලක් තමන්ට අදාළ සුපිරි වෙළඳසැල හරහා ලබාදෙන බවට ද පොලිස් නිලධාරීන් පැවසූ බව ඇය සඳහන් කළා. එමෙන්ම රෝහල් ගතවීමට සූදානම්වන අවස්ථාවේ දී ඒ සඳහා ද පොලිසිය විරුද්ධ වූ බව එම කාන්තාව පැවසුවා.

මේ අතර අදාළ සුපිරි වෙළඳසැලෙන් තමන් කිරිපිටි පැකට්ටුවක් සොරාගත් බවට එම කාන්තාව මෙහිදී පිළිගනු ලැබුවා.