23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇමති අමරවීර රටට ගැලපෙන හරක් හා එළුවෝ සොයයි

ඇමති අමරවීර රටට ගැලපෙන හරක් හා එළුවෝ සොයයි

කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

දැනට කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළද රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වන බව නිරීක්ෂණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවැසූයේ සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බවයි. දැනට නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බවයි එම නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව කොට්ටුකච්චිය ගොවිපළේ තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බවයි ඔවුහු සඳහන් කළේ.