25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්යානා ප්‍රමාදයෙන් කටුනායක ගුවන්තොටේ තදබදයක්

ගුවන්යානා ප්‍රමාදයෙන් කටුනායක ගුවන්තොටේ තදබදයක්

කටුනායක ගුවන්තොටුපොළේ සිට පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්ව තිබේ.

ඊයේ (28) දිනයේදීද පාකිස්ථානයේ – ලාහෝර්, ඉන්දියාවේ – චෙන්නායි, බංග්ලාදේශයේ – ඩකා දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක් කටුනායකින් පිටත්වීම ප්‍රමාද වූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු යානා ප්‍රමාණවත් නොවීම මෙම ගුවන් ගමන් ප්‍රමාදයට ප්‍රධාන හේතුව බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වුව ද දැනට ක්‍රියාකාරි මට්ටමේ ධාවන කටයුතුවල නිරත වන්නේ ගුවන් යානා 20ක් පමණක් බවයි ඔවුන් පවසන්නේ.