27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා ජර්මානු චාන්සලර් අතර හමුවක්

ජනපති හා ජර්මානු චාන්සලර් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් අතර නිල හමුවක් ඊයේ (28) බර්ලින් නුවර දී සිදුවුණා.

එමෙන්ම ‘බර්ලින් ග්ලෝබල්’ සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ‘බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම’ පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය එම අවස්ථාවට එක්ව සිටියා.