27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියණියගේ ආරවුලට මැදිහත් වූ පියා අවසන් ගමන් යයි

දියණියගේ ආරවුලට මැදිහත් වූ පියා අවසන් ගමන් යයි

මිනුවන්ගොඩ, අළුතැපොල ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (28) සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ අළුතැපොල, දූනගහ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දියණිය නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්වන බවට තොරතුරු වාර්තා වනවා. ඇය එම පුද්ගලයා සමඟ ඇති වූ ආරවුලකදී පියා මැදිහත් වූ අවස්ථාවක එම පුද්ගලයා විසින් පොල්ලකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (29) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.