25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිපා වැළඳුණු දෙදෙනෙක් ගැන පැතිර යන කතා අසත්‍යයි

නිපා වැළඳුණු දෙදෙනෙක් ගැන පැතිර යන කතා අසත්‍යයි

මෙරටින් නිපා වෛරසයට ගොදුරු වූ දෙදෙනෙකු හමු වූ බවට පැතිර යන පුවත සාවද්‍ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජි විජේසුරිය පවසයි.

වෛද්‍යවරයා අවධාරණය කරන්නේ නිපා වෛරසය වැළඳුනු දරුවන් දෙදෙනෙකු මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසීම අසත්‍ය කාරණයක් බවයි.

එසේම මෙම වෛරසයට ගොදුරු වූ බවට සැක පළ කරන කිසිවෙක් මෙරටින් වාර්තා වී නොමැති බවත් මේ හේතුවෙන් පවතින රෝග සඳහා කිසිදු අවස්ථාවක ප්‍රතිකාර ලබා ගැනීමට බියක් නොදක්වන ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.