27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල තේරී පත්ව තිබෙනවා.

‘Times Higher Education World University’ 2024 ශ්‍රේණිගත කිරීම මත පදනම්ව ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාල ලෙස මේවා තෝරාගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම විශ්ව විද්‍යාල දෙකම හොඳම 1000 අතරට ශ්‍රේණිගත කර නොමැත. කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 1,001 සහ 1,200 අතර ශ්‍රේණිගත කර ඇත.

2023 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල දෙකක් හොඳම 1000 අතරට පැමිණීමද විශේෂත්වයකි.