29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදයි

‘ලෝක හදවත් දිනය’ අදට (29) යෙදී තිබේ.

හෘදයාබාධ හේතුවෙන් මෙරට මරණයට පත් වන සහ රෝහල්ගත වන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ශරීරයේ ඇතිවන වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ මහන්සිය, බඩ පුරවා දැමීම, වම් අත දිගේ එන වේදනාව, උගුර සහ කන හිර වීම යන රෝග ලක්ෂණ හෘදයාබාධයක රෝග ලක්ෂණ බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

රුධිරගත කොලෙස්ටරෝල් නැතහොත් තෙල් ප්‍රමාණය වැඩි වීම, අධික රුධිර පීඩනයද හෘද රෝගයක් ඇති වීමට ප්‍රධාන ලෙස බලපාන අතර මීට අමතරව ජානමය තත්ත්වයන්ද මේ සඳහා බලපෑ හැකියි.