26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල යළි ඉහළ දාන්න ඉල්ලයි

විදුලි බිල යළි ඉහළ දාන්න ඉල්ලයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

රට පුරා පැවති නියං කාලගුණ තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීමේ අරමුණෙනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට එමඟින් ඉල්ලීමක් කළ බව විදුලිබල මණ්ඩලයේ සාමානාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා සඳහන් කළේය.

ඒ අනුව විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.