32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි - මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

මකුලෑවේ විමලාන මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට අවශ්‍ය පරිපාලනමය පියවර ගැනීමේ වගකීම රජය සතු බවත් මෙවැනි ගැටලු පසුගිය කාලයේ දක්නට නොලැබුණු බවත් මහින්ද රාජපක්ෂ එහිදි අවධාරණය කළේය.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය ගැන අදහස් දැක්වීමේ අයිතිය හැමටම ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.