25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඇතින්නට වෙඩි තැබූ පුද්ගලයාට ඇප

ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයාට ඇප

මහියංගණය ඇසල පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකරු අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමටයි.

ඔහු මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙක්.

මහියංගනය රජමහා විහාරාස්ථානයේ පෙරහැර සඳහා රැගෙන ගොස් සිටි මහරගම සීතා නැමැති ඇතින්නක් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවා.

වෙඩි තැබීමෙන් ඇතින්නගේ ඉදිරිපස කකුල ආසන්නයට තුවාල සිදුව ඇති අතර ඇතින්නට ජීවිත අනතුරක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

මෙම වෙඩි තැබීම සිදු කිරීමට යොදාගෙන ඇත්තේ ජීව උණ්ඩ ද නැතහොත් රබර් උණ්ඩ ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නැහැ.