― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඇමරිකා තානාපතිනියගෙන් ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක්

ඇමරිකා තානාපතිනියගෙන් ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනයට අදාළව ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහතික කරන ලෙස එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් තානාපතිවරිය පැවසුවේ, ශ්‍රී ලංකාව ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සාකච්ඡා කිරීමේදී තාක්ෂණික අංශයෙන්, සිවිල් සමාජයෙන් සහ විවිධ ප්‍රවීණයන්ගෙන් අදහස් ලබා ගැනීම ඉතා වැදගත් බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල හොඳම භාවිතයන්ට අනුකූලව ත්‍රස්ත විරෝධී නීති සංශෝධනය කිරීමට දුන් ප්‍රතිඥාවට ගරු කරන ලෙස ද තානාපති චන්ග් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සහ මූලික නිදහස යන දෙකම ලැබිය යුතු බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඵලදායි නීති සම්පාදනය හරහා නිවැරදි සමතුලිතතාවය ඇති කිරීම, නීත්‍යානුකූලව රැස්වීමේ නිදහස සහ තර්ජන ඵලදායී ලෙස විසඳීමට නීතිය ක්‍රියාත්මක කිරීම බල ගැන්වීම යන දෙකම සහතික කරනු ඇති බව ද ඇමරිකා තානාපතිනිය සිය ට්විටර් සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කරමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එහි දැක්වෙන්නේ මෙය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහා ද, තහනම් කාර්යය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්යය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතක් බවයි.

මෙම පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණේ සැප්තැම්බර් මස 4 වැනිදායි.