25 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂකයෙකු ඇතුළු තිදෙනෙක් ගංජා ප්‍රවාහනය කරද්දී අල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂකයෙකු ඇතුළු තිදෙනෙක් ගංජා ප්‍රවාහනය කරද්දී අල්ලයි

ගංජා තොගයක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන 41 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, පොලීසිය සදහන් කළේ.

පොලීසිය කියා සිටියේ, මොවුන් ත්‍රිරෝද රථයකින් මාලිගාවිල ප්‍රදේශයේ සිට ඔක්කම්පිටිය ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ගංජා ග්‍රෑම් 810 ක් සමග අත්අඩංගුවට ගත් බවයි.

අනෙක් සැකකරුවන් 31 සහ 39 හැවිරිදි වියේ පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අද (30) වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.