― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමල් කැකුළකට හදි කළ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අල්ලයි

මල් කැකුළකට හදි කළ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අල්ලයි

වයස අවුරුදු 06ක බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ බව කියන සිවිල් ආරක්ෂක කමිටුවේ හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මාවතගම, කොටිකාපොල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු පසුගිය කාලයේ කොටිකාපොල ගමේ සිවිල් ආරක්ෂක කමිටුවේ උප ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, පසුගියදා නැවති නිල වරණයේ දී ඔහුට එම ධුරය අහිමිවී ඇති බව ද පොලීසිය සඳහන් කරනවා.

අසල්වැසියෙකු වන සැකකරු තම දියණියට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට දැරියගේ මව විසින් ඊයේ (29) දින මාවතගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාවතගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.