29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන පූර්ණ පරීක්ෂණයක් සිදුකරන්න - ජනපති

මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන පූර්ණ පරීක්ෂණයක් සිදුකරන්න – ජනපති

මරණ තර්ජන සහ බලපෑම් ඇති බව පවසමින් මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම්දීමක් සිදු නොකර තිබීම හේතුවෙන්.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත්තේ.මේ අතර සිය ධුරයෙන් ඉල්ලා අස් වූ මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා පසුගිය 24 වනදා විදේශගතව ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමුකර ඇත්තේ ඊට පෙර දිනයි.

විදෙස් ගතවීමට පෙර ඔහු සිය මෝටර් රථය ද විකුණා දමා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.