23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරන් ආභරණ සොරකමට ගුවන්තොටුපොල සේවකයකු අල්ලයි

රන් ආභරණ සොරකමට ගුවන්තොටුපොල සේවකයකු අල්ලයි

විදේශගත වීමට පැමිණි කාන්තාවකගේ රන් ආභරණ සොරකම් කළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරීක්ෂා කරන නිලධාරියකු බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ හීනටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ තොරතුරු මත කාන්තාව ගෙන් සොරකම් කරන ලද රන්මාලයක්, පෙන්ඩනයක් සහ මුදු 03ක් උකස් කර තිබිය දී සොයා ගත් බව පොලීසිය පවසයි.

සැකකරු ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් අනතුරු ව පොලීසිය වෙත භාර දී තිබේ.