23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසීතා ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය ගැන වනජීවියෙන් විශේෂ ප්‍රකාශයක්

සීතා ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය ගැන වනජීවියෙන් විශේෂ ප්‍රකාශයක්

මහියංගනය රජමහා විහාරාස්ථානයේ පෙරහැරට සහභාගී කරවීමට රැගෙන ඇවිත් සිටි ඇතින්නකට වනජීවී නිලධාරීන් විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.සී. සූරියබණ්ඩාරගේ අත්සනින් යුතුවයි අදාළ නිවේදනයක් නිකුත්කර ඇත්තේ.

එම නිවේදනය දැක්වෙනේ වනජීවී නිලධාරීන් විසින් වන අලි පලවාහැරීමේ අරමුණින් රබර් උණ්ඩ යොදාගෙන සිදුකළ වෙඩි තැබීමක දී පෙරහැරට සහභාගී කරවීමට රැගෙන ඇවිත් සිටි හීලා ඇතින්නකට වැදී තුවාල සිදුව ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

පෙරහැරට සහභාගී වූ ඇතින්න පෙරහැර නිම වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අද (30) අලුයම් කාලයේ සිදුකළ වෙඩි තැබීමක දී තුවාල ලැබුවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ අවුරුදු 47ක් වයසැති මහරගම සීතා නැමැති ඇතින්නයි.

වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වනජීවී නිලධාරීන් මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු පැමිණ ඇතින්නට ප්‍රතිකාර සිදුකර තිබුණා.