27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටා පන්නන සැලසුමට සහාය වූ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

හරක් කටා පන්නන සැලසුමට සහාය වූ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමේ සැලසුම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන පැමිණිලි අංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

හරක් කටා නැමැත්තා පළා යාමේ සැලසුමට සෘජුවම සහාය දුන් බවට මේ වනවිට අනාවරණය වී තිබෙන කොස්තාපල්වරයා පළා ගොස් අදට දින 20ක් ගත වුවද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

හරක් කටා පලායාමේ සැලසුමට ආධාර අනුබලදීම යටතේ ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් 4 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ විධිවිධාන යටතේ දින 90ක රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.

අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත බාරදීමට නියමිතයි.