― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅදත් කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයක්

අදත් කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් රැසක ප්‍රමාදයන් අද දිනයේත් වාර්තා වී තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටින බවයි.

එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද වනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 181 දරන ගුවන් යානය අද උදෑසන 08.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඒ සඳහා අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් 200කට අධික පිරිසක් උදෑසන 07.15ට මෙම ගුවන් යානය තුළට නංවා තිබෙනවා.

එහෙත් මෙම යානය උදෑසන 11 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් නොතිබූ අතර , ඒ වනතෙක් එම මගීන් ද යානය තුළ රැඳී සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නේපාලයේ භූ විෂමතාව අනුව කඳුකර රාජ්‍යයක් වන අතර සවස් කාලය වනවිට කත්මණ්ඩු ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රදේශය මීදුමෙන් වැසී යන බැවින් මෙම ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා බොහෝ විට අතහැර දැමීමට සිදු විය හැකි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

පසුව මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී ඇති බැවින් මෙම ගුවන් ගමන සඳහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද එය දහවල් වනතෙක් ඉටු වී නැහැ.

නේපාලය බලා පිටත්ව යාමට පැමිණ සිටි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වග කිවයුතු බවයි. මෙම ගුවන් යානය තුළ නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානා මගින් වෙනත් ගමනාන්ත වෙත යන විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සිටින බව ද හෙතෙම පෙන්වා දෙනවා.

මේ පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ, මෙම සිදුවීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදුවූවක් වන අතර මෙම ගුවන් ගමනට වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එසේම මේ වනවිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, බංග්ලාදේශයේ ඩකා, මාලදිවයිනේ මාලේ සහ ජපානයේ නරීටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා ප්‍රමාද වී පැමිණෙන බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ප්‍රමාද වී පැමිණෙන ගුවන් යානා යළිත් ආපසු පිටත් වීම ද ප්‍රමාද වී සිදු වන බවයි ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළේ.

මීට දින කිහිපයකට පෙර ද කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙන් මගීන් නොසන්සුන්කාරී ලෙසට හැසිරීමේ සිදුවීමක් වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් ඊයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා සිටියා. ඔවුන් ප්‍රකාශ කළේ යළිත් එවැනි සිදුවීම් නොවීමට කටයුතු යොදන බවයි.