25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඝාතනය කළ හිමි නමකගේ දේහයක් නිවසකින් හමුවෙයි

ඝාතනය කළ හිමි නමකගේ දේහයක් නිවසකින් හමුවෙයි

පොතුහැර බැවිල්ගමුව ප්‍රදේශයේ නිවසක් තුලදී හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ලිහිණිගිරිය ආඳාවල පොත්ගුල් විහාරයේ වැඩ වාසය කළ 63 හැවිරිදි හිමි නමක්.

මෙම හිමිනම විහාරස්ථානයේ සිට වරින් වර තමන් වහන්සේ ගිහි කල පදිංචිව සිටි නිවස වෙත පැමිණෙන බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

එලෙස පැමිණ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවටයි පැවසෙන්නේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කුරුණෑගල මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම හිමිනම පසුගිය මාර්තු මස 12 වනදා පැවිදි දිවියට ඇතුලත්ව ඇති අතර මාස 3ක කාලයකින් උපසම්පදාව ලබා ලිහිනිගිරි විහාරස්ථානයේ වැඩ වාසය කර ඇතැයි සඳහන්.

ගිහි කල යුද හමුදා සෙබළෙකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් ඇති උන්වහන්සේගේ ගිහි කල බිරිඳ ගුරුවරියක් වන අතර එම විවාහයෙන් දික්කසාද වී දරුවා සමග වෙනම ජීවත්වන බව ද අනාවරණ වී තිබෙනවා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොතුහැර පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.