― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාන්තාවක් එළොව යැවූ සැකකරුගේ මෝටර් රථය හමුවෙයි

කාන්තාවක් එළොව යැවූ සැකකරුගේ මෝටර් රථය හමුවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ප්‍රදීපා සිල්වා නම් රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය ඊයේ (01) නුවරඑළිය සඳතැන්න සද්ධර්ම විහාර භූමියේ නවතා තිබියදී සොයාගත් බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසීය.

සපුගස්කන්ද ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැක කරන පුද්ගලයා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සමඟ කෙටි කලකදී ඇති කරගත් සුහදතාවය මත දින කිහිපයකට ඔහුගේ මෝටර් රථය නුවරඑළිය සඳතැන්න විහාරය නවතා ගොස් ඇති බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

මෙසේ සොයාගත් කාර් රථය මේ වනවිට ඝාතන සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන මහබාගේ පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා එම පොලිස් ස්ථාන භාර නිලධාරීන් කටයුතු කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධව සදතැන්න සද්ධර්ම නිකේතනයේ වැඩ වාසය කරන තෙලුල්ලේ චන්ද්‍රානන්ද හිමියන්ගෙන් අප කල විමසුමකට උන් වහන්සේ කියා සිටියේ පොහොය දිනට ප්‍රථම දා පන්සලට කිහිප වතාවක් පැමිණි පුද්ගලයෙකු සමඟ නාඳුනන පුද්ගලයෙකු පැමිණි බවත් ඔවුන් දවස් තුනකට පන්සලේ නැවතී සිටීමට අවසර ඉල්ලූ බවත් ඒ අනුව පොදුවේ ඕනෑම අයෙකුට ලබා දෙන පරිදි ඔහුට අවසර ලබාදුන් බවයි.

දින තුනක් නැවතීමට අවශ්‍ය බව පැවසූ නමුත් පොහොය (29) දින සවස හදිස්සියේම පිටත් වීමට ඔවුන් කටයුතු කළ අතර පිටත්වීමේදී වියදම් වැඩි බැවින් මෝටර් රථය පන්සල භූමිය තුළම ගාල් කර යන බව පවසමින් එහි යතුර සහ දුරකථන සමග තවත් යතුරු කැරැල්ලක් තමන් වෙත භාරදී පන්සලෙන් නික්ම ගිය බවයි උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.