26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපන් යන්න හොරෙන් ගුවන්යානයට රිංගූ මගියෙක් රිමාන්ඩ්

ජපන් යන්න හොරෙන් ගුවන්යානයට රිංගූ මගියෙක් රිමාන්ඩ්

ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක හොරෙන් අසුන්ගෙන සිටියදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මොහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුළු වී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක අසුන්ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල – හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු කලක් ජපානයේ රැකියාව කර පසුව විවාහ වීම සඳහා මෙරටට පැමිණි අයෙකු බවත්, පසුව යළි ජපානයට යන බව බිරිඳට පවසා පසුගිය 30 වනදා නිවසින් පිටත්ව ගොස් ඇති බවත්ය.